Archive for ජූනි, 2010

  • පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් භාර වගකිව යුතු නිලධාරීන් සමග කථාබහ කොට සුදුසු පියවර ගැන උපදෙස්  ලබාගැනීම  – (සිදු කොට අවසන්)
  • අදාල විස්තර සහිතව දිගින් දිගටම මෙවැනි කටයුතු සදහා නිරත වීමට අවස්ථාව සලසා දීම සදහා අන්තර්ජාලය තුල ප්‍රචාරන කටයුතු සම්පාදනය කිරීම  – (සිදු කොට අවසන්)
  • පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා හැරීම – (සිදු කොට අවසන්)
  • එක් එක් දිනයන්හිදී සහභාගී වන පිරිස ගණනය කොට සැලසුම් කිරීම -(සිදු කොට අවසන්)
  • ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම -(සිදු කොට අවසන්) 09 වෙනි දින යටාල භූමියට ලගා වූ අප ‍10‍ වෙනි සෙනසුරාදා දින එය වටා වූ පන් හැකි උපරිමයෙන් ගලවා දමන්නට කටයුතු කලෙමු.  අපහසු කොටසට අදාල වල්පැල නාශක යොදන්නට කටයුතු කිරීම දෙවැනි පියවර ලෙසින් ගැනීමට කටයුතු ‍යොදන්නෙමු.  පළමු පියවරට අත හිත දුන් සැමට මාගේ හිස නමා ගෞරව පූර්වක ස්තූතිය පිරිනමමි! තිසරණ සරණ ලැබ ඉදිරි කටයුතුත් සාර්ථක කරගැනීමට අපත් සමග එකතු වී සිටිත්වා!
Advertisements

ස්ථානය

යටාල

පෞරාණිකත්වය

මහානාග රජු විසින් කරවන ලද්දකි. රහතන් වහන්සේලා වැඩසිටි ස්ථානයක් වු මෙය රුහුණු මාගම රාජධානිය තුල ඉදිකරන ලද ප්‍රථම චෛත්‍යය වශයෙන් සැලකෙන අතර ලක්බිම දෙවැනි චෛත්‍ය ලෙසින්ද හදුනාගෙන ඇත… සර්වඥ ධාතුන් නිදන් කර ඇති බවත් සදහන් වේ.

තම්බපණ්ණියේ අපෙන් ලැබිය යුතු සහාය

මෙම යටාල වෙහෙරහි හුණු පිරියම් කිරීම වෙහෙර භූමියේ නඩත්තු කිරීම් යටාල පන්සලේ ස්වාමීන් වහන්සේගේ දායකත්වය ඇතිව ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුදැනුම ඇතිව සිදුකෙරේ.
මෙම ඡායරූපයේ දැක්වෙන පරිදි එහි වට තාප්පයට පිටතින් ඔබට දක්නට ලැබෙන්නේ පොකුණක ස්වභාවය ඇති භූමි ප්‍රදේශයකි.  එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලද තොරතුරු වලට අනුව එය පොකුණක් නොවේ.  එය පෞරාණික වෙහෙර‍හි වැලි මලුව වන අතර ඉංග්‍රීසි පාලන සමය තුල තිස්ස වැව් බැම්මහි කල ප්‍රතිසංස්කරණ කටයුතු වලට අනුව එය ඔසවා තැනීම හේතුවෙන් මේ වැලි මලුවට ජලය පැමිණෙන අතර එය දැන් පොකුණක ස්වභාවය ගෙන ඇත.  එහි පෞරාණික අගය සලකා වෙනසක් සිදුකිරීමට ඇති අපහසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පහදා‍ දෙන ලදී.  “තම්බපණ්ණියේ කෘතගුණ දන්නා අප” හට සහාය දීමට ඇත්තේ මහගු කර්තවයකි…. එනම් මේ පොකුණක ස්වභාවය ගත් භූමි භාගයේ දැනට එක් කොටසක් පන් ශාක වලින් ගහණ වී ඇති අතර ඒවා කපා ඉවත්කොට භූමිය පිරිසිදු කරදීමේ කටයුත්තට අපට සහභාගී විය හැකියි… පොසොන් පො‍හොයට මත්තෙන් සිදුවන සංරක්ෂණ කටයුතුත් සමගම අපටද පුරාවිද්‍යා සතිය නිමිති කොට ගෙන මේ කටයුත්තට සහභාගී වීමට අවස්ථාව උදාකරගතිමි…
ලක්මව වෙනුවෙන් තමන්ට හැකි පමණින් තමන්ගේ කොටස කිරීමට අපට හැකි නොවේද?  සියලු දෙනාටම මුදල් හෝ වෙනත් අයුරකින් සම්බන්ධ වීමට නොහැකි වූවත් මෙවන් කටයුත්තකට ශ්‍රම දායකත්වය සැපයීමට තරම් හැකියාවක් අපට තිබෙනවා නොවේද? මේ දේවල් රැකදෙන්නැයි රජයන්ට ඉල්ලීම් කරමින්… දෙපාර්තමේන්තූන්ට බැනවදිමින් කැරලි කො‍ලාහල කරමින් වැඩය පමණක් බලාපොරොත්තු වන රාගයෙන්, ද්වේශයෙන් පිරුණු මෝහ සහගත ජනතාවට අපට දිය හැකි උතුම්ම ආදර්ශය මෙය නොවේද?  අන්තර්ජාලය ‍හරහා හෝ පත්තර සගරා හරහා හෝ තම තමන්ගේ යුතුකම් පැහැර හැර අන් අයගේ අඩුපාඩු කියමින් සිටින පිරිසක් අතර ක්‍රියාවෙන්ම අපේ යුතුකම් වගකීම් ඉටුකිරීමේ අගය ආදර්ශය දීමේ වැදගත්කම පෙන්වා දෙන්නට මෙය මහගු අවස්ථාවක් නොවේද?  මිනිස් ජාතිය කියන එකම ජාතියකට යටත්ව අපට සෙවන දෙන මව්බිමට අපට හැකි පමණින් යුතුකමක් වගකීමක් ඉටුකර දීමට ඒ තුලින් ලෝකයටම කෘතගුණ දක්වන්නේ පරම දුර්ලභ සැබෑම මිනිසුන් පමණක්ම බව ආදර්ශයෙන්ම පෙන්වන්නට අපට හැකිවෙනවා නොවේද?
තීරණය ඔබ අතමය… තම්බපණ්ණියේ කෘතගුණ දත් පිරිස සමග අත්වැල් බැදගන්නට තරම් උතුම් මානසිකත්වයක් ඔබට තිබෙනවා නම් එකතු වන්න අපත් සමග මේ පළමුවෙනි මහගු කටයුත්තට පළමුවෙනි ආරාධනයයි!
ව්‍යාපෘතියේ දැනගත යුතු විශේෂ කරුණු සදහා මෙතැනින් යොමුවෙන්න

යටාල පිලිබදව වෙනත් වැදගත් තොරතුරු දැනගන්නටත් ඡායාරූප එකතුවට සම්බන්ධ වෙන්නටත් මෙතැනින් සම්බන්ධ වෙන්න


තවත් ඡායාරූප සදහා

Yatala Lord Buddha

http://www.cyberworx.at/mungotours/bilder-kultur.htm

ඔබටත් ඡායාරූප ඇතිනම් අපත් සමග බෙදාගන්නට අවස්ථාවක් කරගත හැකියි…

පහත සම්බන්ධතාවයන් ඔස්සේ විවිධ තොරතුරු හමුවේ…


http://gazlanpallie123.blogspot.com/

http://varunaoneday.blogspot.com/2010/04/blog-post_25.html

http://www.danuma.lk/anu/index.php?option=com_content&view=article&id=85&Itemid=87&lang=si

http://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0_%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B7%8F

http://www.buddhanet.net/sacred-island/tissamaharama.html

http://thelankan3000.webnode.com/contact-us/

http://www.srilankanexpeditions.com/location.php?city=Thissamaharama

ඔබත් දන්නා තොරතුරු අපත් සමග බෙදාගන්න මෙය අවස්ථාවක් කරගත හැකියි…

ඡායාරූප එකතුවට පහත සම්බන්ධය භාවිතා කරන්න…