Archive for ජූලි, 2010

  • 10 වෙනි දින උදෑසන සිට ශ්‍රමදාන කටයුතු ආරම්භ වනු ඇත.
  • රාත්‍රී නවාතැන් පහසුකම් දීමට යටාල පන්සලේ ස්වාමීන් වහන්සේ විසින් ඉඩ කඩ සලසා ඇති අතර කෞතාගාර පරිශ්‍රයේ ඇති තවත් බිම් පෙදෙසක නවාතැන් ගැනීමට වුවමනා කරන පහසුකම් ඇත.
  • ශ්‍රමදානය සදහා වුවමනා කරන භාණ්ඩ ආදිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාදීමට කටයුතු යොදා ඇත
  • ශ්‍රමදානයක් සදහා සුදුසු ඇදුම් රැගෙන පැමිණිය යුතුය
  • ආහාර ‍නොසැපයේ.  (මෙය පොදු කටයුත්තක් වන බැවින් සියලු දෙනාගේම ආහාර පාන සදහා වියදම් දැරීම එක් අයෙකුට අපහසු වන නිසා තම තමන්ගේ ආහාර සදහා කටයුතු යොදාගත යුතුව ඇත / මුදල් රැගෙන එන්නේ නම් බත් පාර්සල් ‍මිලදී ගැනීමට කටයුතු සලසා ගැනීමට බලාපොරොත්තු වේ)
  • තේ පානය ලබාදීමට අප විසින් කටයුතු යොදන්නට බලාපොරොත්තු වේ.
  • ශ්‍රමදාන කටයුතු සිදුකෙරෙන පොකුණ වැනි ස්ථානය දණහිසට පමණ ගැඹුරැති ස්ථානයක් බව පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවෙන් දැනුම් දුණි.  එහි ඇති පන් වැනි පදුරු කපා ඉවත් කිරීම අපට යෙදී ඇති කාර්ය වන අතර හැකි උපරිමයෙන් නිම කර දීම ප්‍රමාණවත් බව ඔවුන් පෙන්වාදුණි.
  • වැඩිදුර විස්තර වශයෙන් ඔවුන් පැවසුවේ ජලජ ශාක නිසා කැසීම වැනි අතුරු ආබාධ ඇතිවිය හැකි බවත් හොදින් සෝදාගත් පසු සුව වෙන බවත් වේ.
  • සාමූහිකව සිදු කෙරෙන පොදු කටයුත්තක් බැවින් පැමිණෙන ඔබ සැමගේ කාරුණික සහයෝගය අත්‍යවශ්‍ය වේ.
  • සිදුවන සුළු සුළු අපහසුතා ඉවසා දරාගෙන මේ උතුම් කටයුත්තට ස‍හයෝගය දිය හැකි සියලු දෙනාටම ගෞරව පූර්වක ආරාධනා කරමි.
  • 10 වෙනි දින උදෑසනම කටයුතු ආරම්භ කරන්නට බලාපොරොත්තු වන අතර දුර සිට පැමිණෙන අය හට 9 වෙනි දින පැමිණිය හැකියි.  11 වන දින සවස් වරුව වන විට විසිර යෑමට බලාපොරොත්තු වේ.
  • තවත් දැන ගත යුත් යමක් වේ නම් viduransi@gmail.com යන ලිපිනය මගින් විමසන්න.
  • අතුරු ආබාධ පවා දැනුම් දෙන්නට කටයුතු කලේ ඔබ සහභාගිවන්නේ කුමන කටයුත්තකටද යන්න දැන ගෙන සිටීම වැදගත් වන බැවිනි.  අපට කල හැකි උපරිමයෙන් මේ කටයුත්තට සහභාගීවීමට අදිටන් කරගැනීම වැදගත් වේ.
යුතුකම් ඉටුකරන්නට වචනයෙන් නොව ක්‍රියාවෙන්ම පෙළගැසෙන ඔබ සැමට
ගෞරවපූර්වකව ස්තූති කරමි!
Advertisements